Headlines News :
Home » » අද සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා බදු වැඩි වේ

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා බදු වැඩි වේ

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා වන නිෂ්පාදන බද්ද ඉහළ දමා ඇත.
බදු වැඩිවීම
පෙට්‍රල් කාර් 120% සිට 200% දක්වා
ඩීසල් කාර් 180% සිට 250% දක්වා
ත්‍රීවීල් 51% සිට 100% දක්වා
මෝටර්සයිකල් 61% සිට 100% දක්වා

 
මුදල් අමාත්‍යාංශය පවසා ඇත්තෙ, 2009 වර්ෂයේ සිට  මෙරට මෝටර් රථ ආනයනය ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් මාර්ග තදබදය සහ ඉන්ධන සඳහා වන ඉල්ලුම වැඩිවීමත් සලකා එකී වියදම් අඩු කර ගැනීමේ අරමුණින් අදාළ සංශෝධන කළ බවයි.කෙසේ වෙතත් කෘෂිකාර්මික ට්‍රැක්ටර් බස් රථ ලොරි සහ ට්‍රක් රථ සඳහා පවත්නා බදුවල කිසිදු වෙනසක් සිදුනොකරන බව ද මුදල් අමාත්‍යාංශය පවසා ඇත.හයිබ්‍රිඩ් කාර්, මෝටර් කාර්, ත්‍රී වීල්, මෝටර් සයිකල් සඳහා පැවති බදු අද මධ්‍යම රාත්‍රියේ සිට රජය විසින් ඉහල දමා ඇති බව වාර්ථා වේ.ඒ අනුව සිලින්ඩර ධාරිතාව 2,000 ට අඩු හයිබ්‍රිඩ් කාර් සඳහා බදු 51% සිට සියයට 60% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා සිලින්ඩර ධාරිතාව 2000 ට වැඩි හයිබ්‍රිඩ් කාර් සඳහා අයකෙරෙන බද්ද 75% සිට 100% දක්වාත් සිලින්ඩර ධාරිතාව 3,000 ට වැඩි හයිබ්‍රිඩ් කාර් සඳහා 100% පැවති බදු ප්‍රතිශතය 125% දක්වාත් ඉහළ යනු ඇත.මීට අමතරව සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් කාර් සඳහා 120%ක් ව පවති බද්ද 200% ක් දක්වා ඉහළ දමා ඇති අතර,සිලින්ඩර ධාරිතාව 1000-1600 අතර පෙට්‍රල් කාර් සඳහා 129%ක් ව පැවති බද්ද ද 200% ක් දක්වා ඉහළ දමා තිබෙනවා. සිලින්ඩර ධාරිතාව 1600-2000 අතර පෙට්‍රල් කාර් සඳහා 136%ක් ව පැවති බද්ද 200% ක් දක්වා ඉහළ දමා තිබෙන අතර සිලින්ඩර ධාරිතාව 2,000 ට වැඩි පෙට්‍රල් කාර් සඳහාවූ 154%ක් ව පැවති බද්ද ඉහල යන්නේ 250% කින් දත්‍රී රෝද රථ සඳහා 51%ක් ව පැවති බද්ද 100% දක්වා ඉහල යන අතර මෝටර් සයිකල් සඳහා 61%ක් ව පැවති බද්ද ද 100% දක්වා ඉහල යනු ඇති
Share this article :
 
Support : Google
Copyright © 2011. Mal Mama - All Rights Reserved