Headlines News :
Home » » සන්ධාන මන්ත්‍රී තරුණියක් රාත්‍රිය පුරාම දූෂණය කරලා-තව පිරිසක් හවුල්

සන්ධාන මන්ත්‍රී තරුණියක් රාත්‍රිය පුරාම දූෂණය කරලා-තව පිරිසක් හවුල්

තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව දූෂණය කළ පූජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක හා ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට අංකුඹුර පොලීසිය කටයුතු කර ඇත. 19 දින පසුවරුවේ තරුණිය පැහැරගෙන මන්ත්‍රීවරයාට අයත් නිවසකදී තවත් පිරිසක් හා එක්ව දූෂණය කල බවට තරුණිය අංකුඹුර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අංකුඹුර පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරන බව ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරමින් තේරීපත්වූ නලින්ද රාජනායක නමැති මන්තී‍්‍රවරයායි.මොවුන් විසින් දහඅට හැවිරිදි තරුණියක් මෙලෙස කෙළෙසා ඇතැයි පැවසේ.සැකපිට අත්අඩංගුවටගෙන ඇති අනෙක් සැකකරු චමීර ජයසංඛ හෙවත් කළු මල්ලි නැමැත්තෙක් බව වාර්තා වේ.

Share this article :
 
Support : Google
Copyright © 2011. Mal Mama - All Rights Reserved